නීල බිගු කැල කාම රස පෙල   ආදරෙන් සනසාලා..







 නීල බිගු කැල කාම රස පෙල

ආදරෙන් සනසාලා..

තිසර තුඩු මුදු තඹර පහසින්

මෝහනය වීලා...//


මාරුතේ මතුරා යතේ

සුරඟුන් නැගූ මුකුළු

මාවතේ අතුරා ඇතේ

සුරඟුන් නෙලූ කැකුළු..

සුරඟුන් නෙලූ කැකුළු..


නීල බිගු කැල...//


ජීවිතේ කිරි සාගරේ

කළඹා දිනූ කිදුරී

මීවිතේ මදුරා පුරා

සඟවා නොයන් සොදුරී...

සඟවා නොයන් ‍සොඳුරී...


නීල බිගු කැල...//


watch YouTube video



Post a Comment

0 Comments